බෝම්බයක් පෙන්වා දඹුල්ලේ බැංකුවක් කොල්ලකයි

Create by Admin on Tue , 10/13/2015

දඹුල්ල නගරයේ පෞද්ගලික බැංකුවකින් රුපියල් ලක්ෂ 8 කට ආසන්න මුදලක් අද උදෑසන කොල්ලකා තිබෙනවා. මුහුණ ආවරණය කරගත් පුද්ගලයෙකු බැංකුව වෙත පැමිණ අත්බෝම්බයක් පෙන්වා බිය කර මෙලෙස මුදල් පැහැරගෙන ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. කොල්ලකරු මුදල් සමඟ බැංකු සේවකයෙකුද පැහැරගෙන මාර්ගයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයක් නවතා ඔහු එහි නංවාගෙන ගොස් තිබෙනවා.  පසුව එම බැංකු සේවකයා අතරමග ස්ථානයක දමා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Categories
Archives