පානදුර සම්පත් බැංකුව කොල්ලකන්න ආ වෛද්‍ය සිසුවා බැංකු ස්ලිප් එකේ ‘අයි විල් ෂොට් යූ” කියා ලියා ලක්ෂ 5 ක් ගෙනගොස් අසුවේ

Create by Admin on Fri , 10/09/2015

පානදුර ප්‍රදේශයේ සම්පත් බැංකු සුපිරි ශාඛාවට ඊයේ (28) සවස 05:30 ට පමණ ඇතුළුවූ මෙම පුද්ගලයා මාලිගාවත්තේ පදිංචි කරුවෙකු බවත් විදේශ රටක වෛද්‍ය අධ්‍යාපනය ලබා පසුගිය දිනෙක ලංකාවට පැමිණ තිබුණ බවත් පසුව සොයා ගත්තා.

‘මා ළඟ තුවක්කුවක් තිබෙනවා. අනතුරු සංඥා සීනුව නාද කළොත් වෙඩි තියනවා’ යනුවෙන් බැංකු ස්ලිප් එකේ ඉංග්‍රීසි බසින් ඔහු ලියා තිබිණි.

ලක්ෂ 05 ක මුදල් මිටිය රැගෙන දුවන අවස්ථාවේදී රථ වාහන අංශයේ නිලධාරියෙකු අවට ත්‍රීරෝද රථ රියදුරන්ගේ සහායද ඇතිව ඔහුව අත්අඩංගුවට ගත් අතර ඔහු සතුව කිසිදු ගිනි අවියක් තිබී නැති බවද හෙළි වුණා.

Categories
Archives